ආනාපාන සති භාවනාව තුළින් කාය සංඛාර සංසිඳවීම හා දැහැන් සුවයට පත්වීම

(පසුගිය කලාපයෙන් – ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීම)

ආනාපාන සති භාවනාව නිවැරදිව කරගෙන යන ආකාරයත්, එයින් ලැබෙන ප‍්‍රතිඵල හා එ් භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගන්නා ආකාරයත් මීට පෙර කලාපවලින් පැහැදිලි කළා. ආනාපාන සති භාවනාව මුල් කරගෙන කාය සංඛාර සංසිඳවා ගන්නා ආකාරය තව දුරටත් පැහැදිලි කරගත යුතුයි. කාය සංඛාර කියන්නෙ කය ක‍්‍රියාත්මක කරවන චේතනාවක් කියලත් මීට පෙර පෙන්වා දුන්නා. මේ කයට දාහයක්, වෙහෙසක් ඇතිවුනාම එ් දාහය නිවාගන්න, එ්කට හේතුව හොයල එ් හේතුව සංසිඳවන්න ඕන. මේ සඳහා කාය පිළිබඳව තවත් විග‍්‍රහ කරල දැනගන්න ඕන. සත්ත්වයා කියන්නේ කාය හතරක සම්පින්ඩණයක්.

එ්කජ කාය, ද්විජ කාය, ත‍්‍රිජ කාය, චතුජ කාය වශයෙන් කාය හතරක් පිළිබඳව අභිධර්මයේ සඳහන් වෙනවා. ධාතු හතරෙන් හටගත් මස් ලේ කයට අමතරව කර්ම ශක්තියෙන් ජනිත කරවන කයක් තියෙනවා. එ්කජ කය හෙවත් කර්මජ කය කියල මේ කයට කියනවා.

යම් කෙනෙක් මිය යන්න පෙර මූලිකව හිතින්, කයින්, වචනයෙන් යම් කර්මයක් (හොඳ හෝ නරක) කළා නම් කර්මානුරූපව එ් කර්ම බීජ, කර්ම භවයේ පිහිටනවා. බුද්ධ දේශනාව අනුව කර්මය කුඹුරයි, විඤ්ඤාණය බීජයයි, තෘෂ්ණාව ජලයයි, අවිද්‍යාව බැම්මයි. කර්මය නමැති කුඹුරේ පිහිටි අභිසංඛාර විඤ්ඤාණය නමැති බීජය තෘෂ්ණා දියෙන් තෙත්ව අවිද්‍යා බැම්මෙන් වට වෙලා කර්ම භවයේ පිහිටා මතු පුනර්භවයට අභිසංඛාර (නැවත ජනිත වීමට අදාල සංඛාර) බීජය ලෙස පිහිටනවා. කර්ම ක්‍ෂය නම් වූ මරණයකින් යමෙක් මිය යනකොට කර්ම, කර්ම නිමිති, ගති නිමිති යන තුනෙන් එකක් නිතර අරමුණු වෙමින් බලවත්ව උපාදාන වූ කර්ම භව සිතක් මුල්කරගෙන නිතර සිත් නැගෙන්න වෙනවා. අවසාන මොහොත වන විට මරණාසන්න චිත්ත වීථිය ලෙස සිත් පෙලක් (චිත්තක්‍ෂණ 17 ක) පහළ වෙනවා. බලවත් වූ කර්ම, කර්ම නිමිතිවලින් යමක් මතුවෙලා විපාක සිතක් ලෙස අවසානයේ පහළ වෙනවා. මේ කියන්නේ ඉතා කෙටියෙන්.

චිත්ත වීථියේ ජවන් 5 ක් ගත වෙනකොට මුලින් පහළ වූ අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරාවජ්ජන, දර්ශණ අරමුණක් මුල් වුනා නම් චක්ඛු විඤ්ඤාණ, සම්පටිච්චන, සන්තීරණ, වොත්‍ථපන යන චිත්තක්‍ෂණ 8 ක් සහ ජවන් චිත්තක්‍ෂණ 5 ක් වශයෙන් චිත්තක්‍ෂණ 13 ක් පහළ වෙලා 14 වන චිත්තක්‍ෂණය පහළ වෙනකොට එහි උප්පාද, ථිති, භංග යන චිත්ත මාත‍්‍ර තුන සමග සිත් පහළ වෙන්න අත්‍යවශ්‍ය වූ එ් මිය යන භවයේ මුල් පටිසන්ධියේදී පහළ වූ වස්ථු රූපය නම් පරමානුව ක‍්‍රියාකළ කර්ම බලය කෙළවර වෙනවා. මෙයට චුතිය සිදුවන චිත්තය හෙවත් චුති චිත්තයයි නම් කෙරෙනවා. මේ හයවන චිත්තක්‍ෂණයේදී ගොඩනැගුණු විඤ්ඤාණය ආසන්නම කර්මය ලෙස කර්ම භවයේ පිහිටනවා. මතු පැවැත්මේ වටිනාකමක් අවිද්‍යාවෙන් ගොඩනැගී මේ චිත්තක්‍ෂණය රූප සංචේතනාවේ චිත්තජ රූපයත් සමග විඤ්ඤාණ බීජය මතු පුනර්භවයට ඈඳෙමින් අළුත් භවයේ පටිසන්ධි චිත්තය ලෙස කර්ම බලයෙන් පිහිටනවා. මේ තමයි පටි සන්ධි චිත්තය. මේ චිත්තක්‍ෂණය අළුත් භවයට බීජය වෙලා කාය දශක, භාව දශක, වස්තු දශක කියන ශුද්ධාෂ්ඨක තුනක් සහ එකතුව කාය, භාව, වස්තු යන කර්මජ රූප මාත‍්‍රා 3 ක් සහ ජීවිත රූප මාත‍්‍රා 3 ක් පිහිටා රූප කලාප 30 ක රූප මාත‍්‍රා සමග විපාක හිත කර්මජව එක විට පහළ වෙනවා. මේ තමයි පටිසන්ධිය එ්කජකාය. මේ චිත්තක්‍ෂණයේ උප්පාද මාත‍්‍රයයි. එ් සමගම සෘතු විපර්යාසය නැගෙන්නට වෙනවා. එතකොට ද්විජ කාය කියල හඳුන්වනවා.

මීළඟට පහළවන 16 – 17 තදාලම්භන චිත්තක්‍ෂණවලදී චිත්තජ කාය පහළ වෙනවා. එවිට ත‍්‍රිජකායික නම් වෙනවා. මේ තමයි ගන්ධබ්බයා. කබලිංකාරාහාරයක් (මස් ලේ කයක ආරම්භයට පෝෂණයක්) මව් කුසකදී හෝ ලැබී නම් චතුජකාය බලවත් වෙනවා. මේ චතුජ කාය ලබනකොට මස්ලේ කය ආරම්භ වෙනවා. එ්කජ කාය හා ද්විජ කාය ඉතා සුළු මොහොතයි. පටිසන්ධියෙන් පසු චිත්තජ රූප පහළ වෙනකොට මනෝමය කායික ගන්ධබ්බයා පහළ වී හමාරයි. දැන් පෙර තිබූ කය අතහැරලයි තියෙන්නේ. හැබැයි මව් ගැබක අළුත් කයක් වෙත ඔක්ඛන්ති වෙලා නෑ. මේ අතර කාලය තුළ තණ්හා උපාදානයෙන් ජීවත් වන බව කතුහල ශාලා සූත‍්‍රයේ (සං:නි: (4) 700 පිටුව) වච්චගොත්ත පරිබ‍්‍රාජකයාට දේශනා කරල තියෙනවා. මේ කර්ම, චිත්ත, උතුජ රූප නිසා චක්ඛු දශක, සෝත දශක, ඝාන දශක, ජිව්හා දශක යන රූප කලාප 40 (10×4) සමග පටිසන්ධියේදී ලැබූ රූප කලාප 30 ද සහිතව කලාප 70 ක් වෙලා ගන්ධබ්බයා පෝෂණය වෙනවා. ගන්ධබ්බයින් ගැන කතා කරනකොට දැනගෙන මව් ගැබට ඇතුල් වන, දැනගෙන ගැබේ සිටින, දැනගෙන බිහිවන ගන්ධබ්බ කොටසක් ඉන්නවා. දැනගෙන ඇතුළු වී, දැනගෙන ගැබේ සිට, නොදැන බිහිවන ලෙස තවත් කොටසක් ඉන්නවා. දැනගෙන ඇතුළු වී, නොදැන ගැබේ සිට, නොදැන බිහිවන ලෙස තවත් කොටසක් ඉන්නවා. නොදැන ඇතුළු වී, නොදැන ගැබ තුළ සිට, නොදැන බිහිවන තවත් කොටසක් ඉන්නවා. මේ ගන්ධබ්බ හතර කොටසම මව් ගැබට ඇතුළු වෙලා වැඩෙන්න නම් මව් පිය දෙදෙනෙකුගේ එක් වීමක්, මව ඍතු ඇත්තියක් වීමත් යන කාරණා දෙකක් අවශ්‍යයි.

“මාතා පිතරෝච සන්නිපාතා මාතානි උතුනි හොන්ති ගන්ධබ්බෝච පච්චු පට්ටිතෝ හෝති” වශයෙන් ගන්ධබ්බයෙක් ගැබකට ඇතුළු වෙලා තමයි මස් ලේ කයක් හටගන්නේ.

මේකට චතුජ කායට අයිති කරජ කාය (කරජ කියන්නෙ ඝනීභවනය වෙලා ගොරෝසු වෙච්ච කියන එකයි) කියල කියනව. (ගැබකට ආවට පසු කලලය පටන් ගත් පසුවයි කරජ කාය වන්නේ.) ජීවත් වෙලා ඉන්න සත්වයෙක් තුළ තියෙන්නේ මේ කරජ කාය සහ අනෙකුත් කායයන්ගේ සම්පිණ්ඩනයක්. මව් පිය එකතුවකින් ආරම්භයක් ලබලා, මව් කන බොන ආහාරවල පෝෂණය තුළින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර ඇදගෙන එ්වායින් ගොඩනැගෙන කය චාතූර්මහාභූතික කයයි. සතර මහා භූතයන්ගෙන් හටගත් කය කියලත් මේකට කියනවා. සුළඟට අසුවුණු පරඬැලක් සුළඟට ඕන විදිහට ගෙනියනවා වගේ, කර්ම ශක්තිය නමැති ප‍්‍රවාහයට අසුවුණු ගන්ධබ්බයා ගැබකට ඇදිල යනවා. මේ ගන්ධබ්බයාට හොඳ එකක්, නරක එකක් කියල තෝරගන්න බෑ. ලැබුණ එකක් පිළිගන්න ඕන. මේ ගන්ධබ්බයා බාහිරින් යම්කිසි ගන්ධයක් ඇදගත්තොත්, එ් ශරීරයට කබලිංකාර ආහාර (කය බලි කරන ආහාර) ගත්තා වෙනවා. එතැන් පටන් චතුජ කායිකයි. මේ තමයි සූක්‍ෂම කායික තත්ත්වයෙන් ඝනීභවනය වන අවස්ථාව. “කබලිංකාර ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චයෝ” කිව්වෙ මේකයි.

සත්ත්වයා ලෝකයට තියෙන දැඩි කැමැත්ත නිසා ලෝකය දැඩිව අල්ලා ගන්න ඝනීභවන කයක් අවශ්‍ය වෙනවා. මේ අනුව ඝනීභවන වස්තු ඇසුරු කිරීමට ඇති කැමැත්ත නිසයි මස් ලේ කයක් ඇතිවීමට අවශ්‍ය මූලික හේතුව ගොඩනැගෙන්නේ. මේ කරජ කායෙන් සූක්‍ෂම කය ඉවත් කරන්න නිකන්ම බෑ. කෙනෙකුගේ කර්ම විපාක හෝ පුණ්‍ය සෘද්ධිය බලවත් නම් එ් ඝනීභවන කයෙන් ඉවත්වෙලා යන්න පුළුවන්. එසේම ධ්‍යාන ලාභී පුද්ගලයෙකුට අභිඤ්ඤා බලයෙන් මේ මස් ලේ කයෙන් ඉවත් වෙන්න පුළුවන්. මස් ලේ කයට කබලිංකාර ආහාර අවශ්‍ය වෙනවා වගේ, අධ්‍යාත්මික කයට ආහාර තුනක් සම්බන්ධ වෙනවා. ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර, මනෝ සංචේතනා ආහාර එ් තුනයි. මේ අනුව එක් කයක් විතරක් සංසිඳවල බෑ. අධ්‍යාත්මික කායත්, බාහිර කායත් යන දෙකම දැනගෙන එ් දෙකම සංසිඳවීමෙන් තමයි කයට ඇතිවන දාහයෙන් නිදහස් වෙලා සැනසීම ලබන්න පුළුවන් වෙන්නේ. ඉහාත්ම සුඛ විහරණය (මේ අත්භවයේදීම ලබන සුඛ විහරණය) සහිතව ධ්‍යාන සුවය ලැබෙන්නේ මේ අවස්ථාවේදීයි. මේ අනුව ආනාපානසති භාවනාව තුළින් සංඛාර සංසිඳවන්න නම් මේ සෑම කයක් තුළම දාහය හටගන්න හේතුව හොයල එ් හේතුව සංසිඳවන්න ඕන.

මේ පැවැත්ම තුළ රාග, ද්වේශ, මෝහ කියන්නේ ගිනි. මේවාට අනුකූල දෙයක් ඇසුරු කරල යමක් නිපදෙව්වා නම් එ්ක ගිනි නිපදවීමක්, දාහය නිපදවීමක්. කෙනෙක් රාගයට අනුකූලව ක‍්‍රියා කළොත් රාගයට අනුකූල චිත්තජ රූපත්, ද්වේශ සහගතව ක‍්‍රියා කළොත් එ් ගති ස්වභාවය අනුව චිත්තජ රූපත් නිපදවෙනවා. එ්වා තමයි මස් ලේ කයක් එක්ක සියුම් කයක් වශයෙන් පිහිටන්නේ. මන වඩන රූප ස්පර්ශ කරල වින්දනයක් ලබන ලෝක සත්ත්වයා එයින් මුලා වෙලා යලි යලිත් එ්වා පසුපස හඹා යන්න සිතිවිලි පහළ කර ගන්නවා. ඇසට ප‍්‍රිය මනාප දෙයක් ආවොත් එ්ක ඇදගන්නවා. අප‍්‍රිය අමනාප දෙයක් නම් වීසි කරනවා. ප‍්‍රිය මනාප සුවඳක් නාසයට දැනුණොත් උඩට ඇදගන්නවා. අප‍්‍රිය ගඳක් නම් ‘හ්ම්’ කියල විසිකරනවා. මෙසේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ඇදගන්න කොටසක් තියෙනවා, ඉවතට විසිකරන කොටසක් තියෙනවා. ඇදගැනීම කියන වචනයේ අදහස ඇද එ්වා ගැනීමයි.

ලෝකයේ තියෙන ඇලුම් කරන සියල්ල ඇදගත්තම ඇද වෙන්නයි සිදුවෙන්නේ. එතකොට අවංක බව නැතිවෙනවා. ලෝකෙ හරි වටිනවයි කියල හිතාගෙන රාගයෙන් බැඳිලා මෙච්චර කලක් කරගෙන ආවෙ මේවයි. ප‍්‍රිය මනාප දේවල්වලට ඇලිල, එ්වායේ හිත තියාගෙන යලිත් එ් පසුපස හඹා යන්නේ, මෙසේ ඇදගෙන ගොඩගහ ගත්ත ඡන්දරාග සහගත මතක සටහන් තුළිනුයි. එ් ගොඩගහ ගන්නේ කර්ම ශක්තියක්. මස් ලේ කයට රූපාකාර ඉඩ ප‍්‍රමාණයක් වෙන්කර ගත්තට, එ් මානසිකත්වයට එබඳු සීමාවක් වෙන් කරන්න බෑ. ඇදගත්ත එ්වා ගිහින් පිහිටන්නේ එ් සීමා කරන්න බැරි ඉඩ ප‍්‍රමාණයේ. නැවත විපාක ඵලයක් ලෙස අවශ්‍ය අවස්ථාවලදී ඇදී එන්නේ එ්වයි. මේ හීන භවය හෙවත් කාම භවයයි.

ජීවිත පැවැත්ම සඳහා හුස්ම ගැනීම සහ පහ කිරීමේදී අපට නොපෙනෙන දෙයක් සිද්ධ වෙනවා. කෙනෙක් හුස්ම ගන්නකොට ඔහුගේ මනසේ ගති ලක්‍ෂණය රාගික නම්, පිටින් පෙනෙන භාහිර රූපය පිළිබඳ ෂඞ් ආරම්මන නිමිති රූප, භෞතික කයට ඇදිල ඇවිත් මනෝමය කිරණ මගින් නොපෙනෙන විශ්වයට විහිදිලා මනෝ කයට ඇදල දෙනවා. රාගයෙන් නම් යමක් නිෂ්පාදනය කළේ, එ්වා රත්වීමේ ලක්‍ෂණය සහිත රතු පාට ස්වභාවයෙන් යුක්ත දේවල් වෙනවා. ද්වේශයෙන් නම් යමක් කළේ එ්වා කළු පාට ස්වභාවයෙන් යුක්තයි. මස් ලේ කය සකස් වෙන්නේ කර්මජ කය සහ මනෝමය කයේ ආකෘතියක් වශයෙන්. මනෝමය කයේ ස්වභාවයට අනුකූලවයි කන බොන ආහාරයෙන් අවශ්‍ය දේ මස් ලේ කයට ඇදල ගන්නේ. කර්ම විපාක බලයකින් හෝ පුණ්‍ය සෘද්ධි බලයකින් හෝ අභිඤ්ඤා බලයකින් කෙනෙක් මස් ලේ කය පැත්තකින් තියල මනෝමය කයින් අයින් වුනොත්, එ් පුද්ගලයාට මේක දකින්න පුළුවන්. කඩුව කොපුවෙන් ඇදල පැත්තකින් තිබ්බම, කඩුව පැත්තක කොපුව පැත්තක තිබෙන්නේ යම් සේද, එසේම නයා හැව ඇරලා පැත්තකට ගියාම නයා පැත්තක හැව පැත්තක තියෙන්නේ යම් සේද, මස් ලේ කය පැත්තක තිබියදී මනෝමය කය පැත්තකට ගිය විටත් එසේමයි කියා බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. කෙනෙක් අලෝභ, අද්වේශ, අමෝහ සිතිවිලිවලින් තම මනස තුළ ශුද්ධතාවයක් ඇති කරගෙන හුස්ම ගැනීමේ ක‍්‍රියාවලිය සිදුකරන කොට මනෝමය කය වෙත සුදු කිරණ ඇදිල එනවා.

නිවනේ ශාන්තිය එකම අරමුණ කරගෙන රාගක්‍ෂය, ද්වේශක්‍ෂය, මෝහක්‍ෂය සඳහා හිත පිහිටුවා ගත්තම වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ගුණයට නැඹුරුවෙලා චිත්තජ රූප නැගෙන්න පටන් ගන්නවා. දීප්තිමත් ප‍්‍රභාෂ්වර ස්වභාවයට නැඹුරු වුන මේ චිත්තජ රූප නැගි නැගී කය වටා පිහිටන්න පටන් ගන්නවා. රාග, ද්වේශ, මෝහ ක‍්‍රියාවන් නිසා අපද්‍රව්‍ය වශයෙන් මෙතෙක් කල් එකතු වුන කොටස අඳුරු පැහැයෙන් යුක්තයි. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී චිත්තජ රූප නිසා හටගත් චිත්ත රූප බලවත් වෙලා එ් අඳුරු රූප දැවෙන්න පටන් ගන්නවා. එසේ දැවෙනකොට විශාල මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා. අධ්‍යාත්මික කයේ හටගන්නා අඳුරු කිරණ නිසා එ් ශරීරයේ වා, පිත්, සෙම් කෝප වීමෙන් විවිධාකාර රෝගාබාධයන්, හිරි වැටීම් සහ විවිධ අපහසුතාවයන් හටගන්නවා. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී චිත්තජ රූපවලින් හටගන්නා සුදු කිරණවලින් එ් අඳුරු කිරණ දැවීම නිසා එ් රෝගාබාධයන් සමනය වීමක් සිද්ධ වෙනවා. නිවනට හිත පිහිටුවාගෙන ඉන්න කොට හටගන්නා වූ එ් සුදු කිරණවලින් මේ ශරීරයේ සෑම තැනකම බැඳිල රැඳිල තියෙන විෂ කිරණ දැවෙන්න පටන් ගන්නවා. අධ්‍යාත්මික කයේ හටගත් අඳුරු කිරණ දැවී යාම නිසා ශරීරයේ බැඳිල තිබුණු අපද්‍රව්‍යයන් ලිිහිල් වෙලා ගැලවිලා යනවා.

රෙද්දක් සෝදන ආකාරයෙන් මෙසේ හිත පිරිසිදු කරගන්නා ලෙස බුදුන් වහන්සේ දේශනා කරනවා. රෙද්දක් ජලයට දැම්මම මුලින්ම ගැලවිලා යන්නේ එක්තරා දූවිලි ප‍්‍රමාණයක් පමණයි. ඊළඟට සබන් වැනි රසායනික ද්‍රව්‍යයක් දාලා පෙන නගින තෙක් ඇතිල්ලීමෙන් කුණු පෙඟෙන්න ගන්නවා. නැවත එ් රෙද්ද ජලයට දමා පොඟවනකොට එ් කුණු ජලයට එකතු වෙනවා. තවත් කුණු තියෙනව නම් නැවත එ් රසායනිකය යොදල ඇතිල්ලීමෙන් පසු ජලයට දාල ගත්තම තවත් කුණු ප‍්‍රමාණයක් ඉවත් වෙනවා. මෙසේ නැවත නැවතත් මේ ක‍්‍රියාව සිද්ධ කිරීමෙන් එ් රෙද්දේ තියෙන සියලූම කුණු ඉවත් කර පිරිසිදු කරගන්න පුළුවන්.

වීත රාගී, වීත දෝෂී අරමුණක් අරගෙන කර්මස්ථානයක් වඩනකොටත් සිදුවෙන්නේ මෙසේ රෙද්දකට රසායනයක් දාලා කුණු පොඟව පොඟවා කුණු ඉවත් කරනවා වගේම දෙයක්. රාග, ද්වේශ, මෝහ සිතිවිලි, ක‍්‍රියා, වදන් නිසා සිත අභ්‍යන්තරයේ රැු`දිල බැඳිල තිබුණු කුණු වීත රාගී, වීත දෝෂී, වීත මෝහී අරමුණුවලින් පෙඟුනට පස්සෙ එ්වා ඉවත් කරල දැමිය යුතුයි. රාග, ද්වේශ, මෝහ සහගතව සුවයි සුවයි කියල මෙච්චර කලක් ඇදගත්ත දේවල් සුන් කිරීම තමයි භාවනාවේදී සුසුම් හැරීමෙන් කළ යුතු වන්නේ. භාවනාවේදී වාතය ප‍්‍රයෝජනයට ගන්නේ මේ අපද්‍රව්‍ය ඉවත් කරන්නයි. භාවනා කිරීමේදී මහන්සියක් දැනෙනකොට හොඳට හුස්මක් අරගෙන පිට කළාම සහනයක් දැනෙන්නේ භෞතික ශරීරයේ රැඳිල තිබුණ දේවල් ගැලවිලා ඉවත් වන නිසයි. ඇතැම් අවස්ථාවල ඇඟ ඇතුල රත්වෙනව වගේ දැනෙන්න පටන් ගන්නවා. පපුවට මහන්සියක් දැනෙනවා වගේ හන්දිපත් අස්සේ කැක්කුමකුත් දැනෙන්න පුළුවන්. මස් ලේ කය ඇතුලේ ඇඹරිලා තිබුණු ස්නායු පද්ධති සකස් වෙනකොට එ් වගේ වේදනා එන්න පුළුවන්. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී අරමුණුවල සිත යොදවමින් නිවනට හිත පිහිටුවාගෙන ඉන්න කොට විශ්වයට විහිදිලා තිබුණු සුදු කිරණ, හුස්ම ගැනීමේ ක‍්‍රියාවලියත් සමගම අභ්‍යන්තර මනෝමය කය වෙත ඇදිල එනවා. මනෝමය කයේ අඳුරු කිරණ දැවිල යන්නෙ චිත්ත ප‍්‍රසාදය නිසා ඇතිවන සුදු කිරණවල ශක්තියෙන්. මෙහිදී ඇතිවන නිරාමිස ප‍්‍රීතිය නිසා “ප‍්‍රීති මනස්ස කායෝ පස්සද්ධති” යනුවෙන් පෙන්වල තියෙන ආකාරයට ප‍්‍රීති වූ මනස කය සැහැල්ලූ බවට පත් කරනවා. මීළඟට “පස්සද්ධි කායෝ සුඛන්දේති” යනුවෙන් සැහැල්ලූ වූ කය තුළින් නිරාමිස සුඛයත්, “සුඛිනෝ සමාධියති” හෙවත් නිරාමිස ප‍්‍රීතිය සහ සුඛය තුළින් සමාධියත් ඇති වෙනවා.

ලෝකය තුළ ඇසුරු කරන කිසිම දෙයක් කැමති සේ සිදුවෙන්නෙ නෑ. ඇසුරු කළොත් දුකින් පෙළෙන්න වෙනව කියල ලෝකය අනිච්ච වශයෙන් දැක්ක කෙනෙක් පමණයි සත්‍යාවබෝධය ලබන්නේ.

ආනාපානසති භාවනාව තුළින් “සතෝව අස්සසති සතෝව පස්සසති” සිදුවෙලා සමාධියට පත්වෙන්නෙ එ් ආකාරයෙන්. මෙතෙක් දීර්ඝ කාලයක් රාගයෙන් මත්වෙලා, ද්වේශයෙන් දැවෙමින්, මෝහයෙන් මුලා වෙලා ලෝකය අල්ලගෙන හිතපු, කියපු, කරපු දේවල් ලේසියෙන් අත්හරින්න බෑ. එ් වෙලාවට එ්වායේ ආදීනව ධර්මානුකූලව හේතුඵල වශයෙන් බලන්න ඕන. දීර්ඝ ලෙස ධර්මය ඇසුරු කරන කොට රාග, ද්වේශ, මෝහ සහිත සිතිවිලි, ක‍්‍රියා, වදන්වල අසාරත්වය දැකලා එ්වා පහ වෙන්න පටන් ගන්නවා. ඇලීම් ගැටීම් අරමුණු සොයාගෙන එ්වා නිච්චද, සැපද, අත්තද? නැත්නම් අනිච්චද, දුක්ඛද, අනත්තද කියල මෙනෙහි කරලා, තමා විනාශය කරා ඇද දමන, දුකට ඇද දමන පාප ධර්ම පහ කර දැමිය යුතුයි.
“දීඝංවා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති” යනුවෙන් පෙන්වල තියෙන්නේ ඇසුරු කරන පහ කරන ක‍්‍රම දෙකයි. දීර්ඝ ලෙස බැඳිල තිබුණ රාග, ද්වේශ, මෝහ කහට ගැලවිලා මනස ශුද්ධ වෙලා ගියත් ඉතා සුළු කෙලෙස් කහට කොටසක් ඉතිරි වෙන්න පුළුවන්. එ් සුළු කහට මොනවද කියල දැනගෙන කෙටියෙන් දහම් ඇසුරු කරගෙන එ්වා අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් මෙනෙහි කරල පහ කරල දාන්න ඕන.

“රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති” කිව්වේ ඉතිරි වෙලා තියෙන සුළු කහට පහ කරන ආකාරයයි. එ් ආකාරයෙන් සංඛාර පහ කරන්න නම් සියළුම කාය විග‍්‍රහ කරල දකින්න ඕන කිව්වෙ එ්කයි. මේ සියලූ කාය මුල්කරගෙන ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් යුක්ත වෙලා සිත, කය, වචනය තුළින් සිදු කරන සෑම සිතිවිල්ලක්ම, ක‍්‍රියාවක්ම, වචනයක්ම ධර්මානුකූලව අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් දැකල සියලූ කායන් හා බැඳිල තිබුණ හරයක් නැති ඡුන්ද රාගය පහ කිරීමත්, නිවන් මගට උපනිශ‍්‍රය වන ප‍්‍රනීත දහම් ඇසුරු කිරීමත් තුලින් ආනාපානසති භාවනාවෙන් ශික්ෂණය වන ආකාරයත් දක්වල තියෙනවා.

“සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති – සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති” මෙසේ දීර්ඝ වශයෙන් හා කෙටි වශයෙන් මේ කායයන් හා බැඳුණු ඡුන්ද රාගය අත්හැරී යනකොට, මේ පැවැත්ම තුළ බය ඇති කරන්නා වූ සංඛාර පහ කරල දමන්න පුළුවන් වෙනවා. “පස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති – පස්සං භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති” මේ ආකාරයෙන් පැවැත්මට හේතුකාරක වන්නා වූ, භය ඇති කරන්නා වූ සියළු සංඛාර පහකරන කොටයි භාවනාව වැඩෙන්නේ. ආනාපානසති භාවනාව තුළින් සංඛාර පහකරන කොට ආශ්වාස ප‍්‍රාශ්වාස බැලිය යුතු තවත් ක‍්‍රම තුනක් පෙන්වල තියෙනවා.

“ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහරති බනිද්ධාවා කායේ කායානුපස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති”

මේ කරුණ අද පෙන්වන්නේ, තමාගේ කය අනුව ආශ්වාස ප‍්‍රාශ්වාස බලමින් වාසය කරන්න, අන්‍යයන්ගේ කයේත් කය අනුව බලමින් වාසය කරන්න, තමන්ගේත් අන්‍යයන්ගේත් කායවල ආශ්වාස ප‍්‍රාශ්වාස බලමින් වාසය කරන්න කියලයි. මෙහිදී තමන්ගේ ශරීරයේ නාසය අග, තොල්මත, ආශ්වාස ප‍්‍රශ්වාස වාතය වැදෙන හැටි බලනවා වගේ අනෙක් අයගේ නාසය අග තොල් මත ආශ්වාස ප‍්‍රාශ්වාස වාතය බලන්න පුළුවන්ද කියල හොඳින් කල්පනා කරල බලන්න. ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක් වැනි මිනිස් පුළුටක් නැති තැනකට ගිහිල්ලයි මේ භාවනාවට ඉඳගන්නේ. මේ අවස්ථාවේ අනුන්ගේ කය බලන්නේ කොහොමද? තමන්ගේ ආශ්වාස ප‍්‍රාශ්වාස වාතය වදින මුල, මැද, අග බලනවා වගේ අනික් අයගේ ආශ්වාස ප‍්‍රාශ්වාස වාතයේ මුල, මැද, අග බලන ක‍්‍රමයක් තියෙනවද? තමන්ගේත් අනුන්ගේත් කායන්වල ආශ්වාස ප‍්‍රාශ්වාස බලන්න නාසය අග සහ උඩු තොල් ලං කරන ක‍්‍රමයක් තියෙනවද?
එහෙනම් අජ්ජත්ත කාය බහිද්ධ කාය කිව්වෙ මොකක්ද? තව කෙනෙක් හා සම්බන්ධ දෙයක් නෙමෙයි. අජ්ජත්ත කාය කිව්වෙ චක්ඛු කාය, සෝත කාය, ඝාන කාය, ජිව්හා කාය, කාය කාය, මනෝ කාය යනුවෙන් “මම” කියල ගත්ත අභ්‍යන්තර කාය සහ “මගේ” කියල ගෝචර කරගෙන ඇදල ගත්ත රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ඨබ්බ කාය සහ ධම්ම කාය කියන බාහිර කාය සියල්ලයි.

මේ අභ්‍යන්තර කායන් බාහිර කායන් හා බැඳුනේ රාගය නිසයි. මේ විදිහට සබ්බ කාය පටිසංවේදී වන ආකාරය බලන්න ඕන. තවදුරටත් ඡුන්ද රාගයෙන් බැඳෙනවා නම්, තමන් තවමත් ලෝක ආශ්වාසයේ මිසක් දහම් ආශ්වාසයේ නෙවෙයි ඉන්නෙ කියල දැනගන්න ඕන. මේ ආකාරයෙන් සංඛාර පහ වෙලා ශික්‍ෂණයට පත්වෙලා රාගක්‍ෂය මාත‍්‍රයක් වුනා නම් එ් නිවනයි. ද්වේශක්‍ෂය මාත‍්‍රයක් වුනා නම් නිවනයි. එ් කියන්නෙ රාගක්‍ෂය මාත‍්‍රයට, ද්වේශක්‍ෂය මාත‍්‍රයට නිවනත් මාත‍්‍රයක් ලැබුවා කියන එකයි. මාත‍්‍රයෙන් මාත‍්‍රය කෙලෙස් ගෙවී පූර්ණ වුනාම නිවනින් පූර්ණයි. මේ තමයි කායානුපස්සනාවට අයත් ආනාපාන සති භාවනාව. රාග ද්වේශ ක්‍ෂය වුණ තරමට නිවන පූර්ණ වෙනවා.
බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපානසති භාවනාව ඥානවන්තයින්ටයි කියල. මෝහ පුද්ගලයින්ට ආනාපානසතියක් නොකියමි කියල දේශනා කරල තියෙද්දිත්, විසුද්ධි මාර්ගය වැනි පොත්වල පෙන්වල තියෙන්නේ, ආනාපාන සතිය මෝහ චරිතයාට සප්පාය (ගැලපීම) වේ කියලයි.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඇල්. අමරසිංහ
(විශ‍්‍රාමික ලංකා බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු)
පිළියන්දල.

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

2 thoughts on “ආනාපාන සති භාවනාව තුළින් කාය සංඛාර සංසිඳවීම හා දැහැන් සුවයට පත්වීම

  1. Pingback: ආනාපාන සති භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගැනීම | හෙළ බොදු පියුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *