යුග පෙරළියක ආරම්භය පෙරට | ගෙන |
මග මුනි දහම යට ගිය යළි පුබුදු | වන |
නැග ගුණ වැඩූ උතුමන් කරළියට | එන |
වගතුග ගෙනෙයි හෙළ දිව දම් බෙදන | තැන |
තෝරා ගත නොහී මුනි දම වල් | වැදුණු |
හාරා බොහෝ තැන් රැවටීමට | බැඳුණු |
මාරාවේශයට කොටු වූ හෙළ | බොදුනු |
බේරා ගෙන වඞීවා රහතුන් | මිදුණු |
දුරු කර වැරදි මත මුනි දම ගැන | කෙරුණු |
ගුරු කර යළිත් මතුවන සුනිමල | කරුණු |
හුරු කර එදම් ගුණ සිත් දොස්වල | එරුණු |
ගරු කර සිතින් ගෙන තුන් දොස් පහ | කරනු |
නතු වී සියලූ සත මුනි දහමින් | නාවා |
තතු ලෝ මරුට බිලිවන හැටි | වැටහේවා |
සිතු දේ නොවන ලොව අවබෝධෙට | ඒවා |
මතුවන දහම් කඳ දිගු කල් | වැජඹේවා |
පබැඳුම – නීතිඥ චන්දන සිරිවර්ධන