පළමුව හොර ගහේ හොර කුරුල්ලෙකුගේ ඇට වේලගෙන පිටි කරගන්න. ඉන්පසු පිරිසිදු එළඟිතෙල්වලින් චූර්ණ පදමට අඹර ගන්න. අමු බෙලි කොළ හතක් නැටි ඉවත් කරල අරගෙන ඒවායේ උඩ පැත්තේ හෙවත් කොළය ගහට සවිවෙලා තියෙන ආකාරයට ගත්තම, කොළයේ මතුපිට දිලිසෙන පැත්තේ ආලේප කරන්න. දැන් මේ කොළ හතේ නැටි තිබුණ පැත්ත පහළට හිටින විදිහට තුනටිය දිගේ / කොඳු නාරටිය දිගේ පහළ සිට ඉහළට අලවන්න. එහා මෙහා යන්න පුළුවන් නිසා ආසාත්මික නොවන වර්ගයේ ප්ලාස්ටරයක් මතුපිටින් අලවන්න. මේ විදිහට හවස හයට අතුරල උදේ හයට ඉවත් කරල අයිස් වතුරෙන් හෝදන්න. ඒ විදිහට දින තුනක් හෝ සුව වෙනකල් කරන්න. එක වතාවකට බෙලි කොළ හත බැගින් වෙන වෙනම ගත යුතුයි. මේ මගින් පෙනහැල්ලේ, පපුවේ බැඳිල තියෙන සෙම හා බඩේ අජිර්ණ පවා සුව වෙලා පෙනහළු ප්‍රකෘතිමත් වෙනවා.

මේ බෙහෙත හදාගන්න ඉතාමත් පහසුයි. ලොකු වියදමක් වෙහෙස මහන්සියක් යන්නෙත් නෑ. ඉතාමත් කෙටි කාලයක් තුල හදාගන්න පුළුවන්. සාමාන් යෙන් එක බෙලි කොළයකට තේ හැඳි භාගයක විතර පිටි අවශ් නිසා, කොළ හතටම එක වතාවකට තේ හැඳි තුනහමාරක් විතර තමයි අවශ් වෙන්නෙ. හොර කුරුල්ලන්ගෙ ඇටත් විවිධ ප්‍රමාණවලින් තියෙනවා. සාමාන් යෙන් ලෙලි ගහපු කරුංක ගෙඩියක් තරම් හොර ඇට හත අටකින් පිටි තේ හැඳි හත අටක් විතර හදාගන්න පුළුවන්. ඇට ටික අරගෙන වේලගෙන මිශ්‍රණ යන්ත්‍රයකින් හෝ ඇඹරුම් ගලකින් හෝ කුඩුකර ගත්තම බොහොම පහසුවෙන් පිටි බවට පත්කර ගන්න පුළුවන්. හරියට කුරහන් පිටි වගේ. නමුත් ඊට වඩා තද පාටින් යුක්තයි. හොඳට වේලුනාට පස්සෙ තමයි පිටි වෙන්නෙ. වැඩිපුර ප්‍රමාණයක් පිටි බවට පත්කරගෙන හුළං නොවදින්න ඇසුරුම් කරල කාලයක් තියාගන්නත් පුළුවන්.

හැබැයි හොර කුරුල්ලා ගහෙන් වැටුණ විගසම ගන්න ඕන. මොකද නැත්නම් බොහොම කෙටි කාලයක් තුළ නරක් වෙනවා. ගෙඩිය උඩට හිටින්න වැටුනම වැස්සට පින්නට වතුර ඇතුලට ගිහින් ඉතා ඉක්මනට පුස් කන්න බලනවා, නරක් වෙනවා. ඒ වගේ නරක් වෙච්ච ඒවා මේ බෙහෙතට යොදා නොගන්න විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා හොඳම දේ තමයි, බිමට වැටිච්ච විගසම අහුලගෙන ඇට ටික ගලවගෙන වේලා ගැනීම. එහෙම නැත්නම්, වේලිච්ච ස්වභාවය එනකොට ගහේ තියෙද්දිම කඩාගන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙමත් නැත්නම් සමහර අවස්ථාවල මේ හොර කුරුල්ලො පොත් සාප්පුවලත් ඇසුරුම් කරල පාසල් ළමයින් වෙනුවෙන් විකුණන්න තියෙනවා. හැබැයි ඒ විකුණන්නෙ බාහිර ස්වරූපය දැකබලා ගන්න නිසා, ඒවායේ ඇට නරක් වෙලා තිබීම ඒ අයට ගැටළුවක් නොවන නිසා, ඒවායෙත් බොහොමයක් ඇට නරක් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පොත් සාප්පුවලින් මිලදී ගන්නව නම්, ඉස්සෙල්ලම හතරක් පහක් අරගෙන කඩල බලල හොඳ නම් විතරක් තෝරගන්න. ඒ වගේම සමහර සිංහල බෙහෙත් බඩු වෙළඳසැල්වලත් වියලි හොර ඇට මිලදී ගන්න තියෙනවා. ඒත් අර වගේ පරික්ෂා කරල බලල හොඳ තත්වයේ පවතිනව නම් විතරක් මිලදී ගන්න. ඒ නැතත් වලපනේ, නාවලපිටිය, අකුරැස්ස, දෙනියාය, ගාල්ල, ඉංගිරිය, පාදුක්ක, පූගොඩ… ආදී බොහොමයක් තෙත් කලාපීය ප්‍රදේශවලින් පහසුවෙන් මේ හොර කුරුල්ලන් හොයාගන්න පුළුවන්.

මේ බෙහෙත පාවිච්චි කිරීමෙන් ප්‍රත් ක්ෂ ප්‍රතිඵල අත්කරගත්ත මහත්මයෙක් තමන්ගෙ අත්දැකීම මේ විදිහට විස්තර කළා.

මගේ පෙනහැල්ලෙ තුවාලයක් තිබුණා. ඒක සෙම නිසා හටගත්තු එකක්. විටින් විට තුවාල වෙලා ලේ එනවා. විශේෂඥ වෛද් වරුන්ට පෙන්නුවම ස්කෑන් කරල බලල සැත්කමක් කරන්න කියල තමයි නිර්දේශ කළේ. මම ඒකට කැමති වුණේ නෑ. වහරක හාමුදුරුවො මතු කරල දුන්න මේ බෙහෙත හදාගෙන පළමු කොටස බුද්ධ පූජාවට තියල දෙවන කොටස වහරක හාමුදුරුවන්ගෙ නමින් පූජා කළා. ඊටත් පස්සෙ තමයි මම මේ බෙහෙත පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඒ පාවිච්චි කරනකොටත් වහරක හාමුදුරුවන්ගෙ ගුණ සිහි
කරලයි පටන් ගත්තෙ. ඔය විදිහට එක දිගට මාස තුනක් කරල නැවතත් පරීක්ෂණවලට සහභාගි වෙලා ඒ වාර්තා අරගෙන වෛද් වරුන්ට පෙන්නුවා. වෛද් වරුන්ටත් පුදුමයි. ඒ අයටත් තෝරගන්න බෑ කොහොමද සුව වුනේ කියල. අන්තිමට සැත්කම නොකෙරෙන තැනට ආවා. කවුරුවත් විස්වාස කළේ නෑ මේ වගේ බෙහෙතකින් සුව වෙයි කියල. නමුත් මම ඒ බෙහෙතෙන් ප්‍රත් ක්ෂ ප්‍රතිඵල ගත්ත කෙනෙක්.