පතළ ලොවේ සුව දෙන මහ | වෙදාණෝ |
සකල සතට ලෙඩ නැති මග | සදානෝ |
නොතළ සතන් සිත් ඖෂධ | බෙදානෝ |
පතුල නමැද වඳිනෙමු මුනි | රජාණෝ |
තුන් ලෝ සතගෙ අඳ ගොළු ඇස් කන් | පෑදූ |
දම් මග සදා සත වෙත සුගතිය | සෑදූ |
ගොන්කම් කරපු සතගේ කෙලෙසුන් | සේදූ |
ඉන් දන නමා වඳිනෙමු මුනි රජ | සාදූ |
දොස් දෙන ලොවින් මග හැර මොක් පුරය | කරා |
ගොස් යළි නූපදින මුළු තුන් භවය | පුරා |
වස් නොවදිනා මහ අරිහත් ධජය | දරා |
තොස් බස ගෙනා මුනි පුදනෙමු කෙලෙස් | හැරා |