දොස් නෙක දැවී දුක් දෙන විට දෙනෙත අයා
පස් වී යන කයක ඇති තතු දකිනු නියා
මස් ලේ කයක උරුමය මේ ලෙසට කියා
උස්මිටිකම් නැතිව උන් අස්තයට  ගියා
කෝ අර කලින් වූ ලස්සන හොඳ පෙනුම
ඒ හැටි වෙලාවක් ගියෙ නැත විය  සුනුම
ලේ මස් ඇට නහර සී සී කඩ  පැනුම
මේ භව ගමන ඇති තෙක් වෙයි නැත  දිනුම
සත රන් කියා අමතන කය නොකැඩෙද්ද ?
නොතරම් කම් නොකෙරුවත් කය සැප  දෙද්ද ?
මෙතරම් කලින් මිය යන්නට පෙර වැද්ද
කෙතරම් සිහින මාලිග තිබෙනට ඇද්ද ?
තණ අග පිනි බිඳුව වන් පණ නල බිඳෙන
ගෙන මහ වටින ලෙස මරු වසඟෙට ඇදෙන
දන මන බඳින බහු රූ ගෙන ලොව බැඳෙන
යන එන මං නොමැත දම් නොගතොත් හැඳින