සතර මහා භූතයන්ගේ සංකලනයෙන් ආස්වාදයට පාර හැදෙන හැටි

යළි යළිත් ඇලීමක්, ගැටීමක්, මුලාවක් හටගන්න, රූප යළි ගොඩනැගෙන්න පෙර, රූප කියන්නෙ වටිනා දෙයක්, රූප තුළ වටිනා දෙයක් තියෙනවා කියන මානසිකත්වයක් ගොඩ නගාගෙන තියෙනවා. එහෙනම් මම ‘‘කොයි මොහොතෙ හරි රූප බලන්න  ඕන, ශබ්ද ඇතුලේ වටිනා දෙයක් තියෙනව’’ කියල දෘෂ්ටියක් ගොඩනැගිල තියෙනවා. ඒ නිසා කොයි මොහොතේ හරි මම ආස්වාද දෙන දේ අහන්න අවදානයෙන් ඉන්න  ඕන, ගන්ධයක් තුළ වටිනා දෙයක් තියෙනවා, ඒ වටිනා දේ ලබාගන්න මිහිරි ගන්ධයන් කෙරේ අවධානයෙන් ඉන්න  ඕන, රස කෙරෙහි වටිනා කමක් තියෙනවා, ඒ නිසා ඒක ලබාගන්න මිහිරි රස කෙරේ අවධානයෙන් ඉන්න  ඕන කියල. මෙහෙම බලාපොරොත්තු සහිත මානසිකත්වයක් ගොඩනගා ගන්නවා. බ දැනෙන  ප ස්වභාවයට, නිදහසේ ල දැනෙන ස්වභාවයෙන් නවතින්න දෙන්නෙ නැතුව මේ අවදානාත්මක බලාපොරොත්තු සහගත අරමුණ ආවොත් අල්ලගන්න බලාපොරොත්තුවක් ඇති කර ඒ තුළ ක‍්‍රියාත්මක වන විට හිත ‘‘මනෝ’’ කියන තත්ත්වයට පත්වෙනවා. (ආරම්මනං මීන මානං ජානාතීති මනෝ- අරමුණු මනිමින් මෙන් දැන ගන්නේ මනයි.) එන එකක් එනවා. ගන්න බලාපොරොත්තුවක් නැත්නම්, ආපු එක ආව මිසක් අල්ල ගන්නෙ නෑ. ගන්න බලාපොරොත්තුවක් තියෙන කෙනාට සද්දයක් ආවොත්, ‘‘මොකක්ද ඒ….?’’ මේ විදිහට ඒක හොයන්න, විමර්ශනය කරන්න හිතක් එනවා. රූපයක් දැක්කොත් ‘‘මොකද්ද ඒ රූපය?’’ කියා ඒක දැනගන්න හිතක් එනවා.

හැබැයි අවිද්‍යාව, තෘෂ්ණාව දුරු කරපු කෙනෙකුට එහෙම හිතක් නෑ. ඒ අයටත් ඇස තියෙනවා, පේනවා. නමුත් බලන බලාපොරොත්තුවක් නෑ. කන තියෙනවා,  ඇහෙනවා,  අහන බලාපොරොත්තුවක් නෑ. දිව තියෙනවා, රස  දැනෙනවා,  රස  විඳින බලාපොරොත්තුවක් නෑ. නාසය තියෙනවා, ගන්ධයන් දැනෙනවා, ගන්ධයන් ආඝ‍්‍රානය කරන බලාපොරොත්තුවක් නෑ. කය තියෙනවා, කයට පහස දැනෙනවා. පහසෙහි එල්බගන්න බලාපොරොත්තුවක් නෑ. මෙන්න මේ චිත්තය තමයි අරිහත්ඵල චිත්තයේ ස්වභාවය. ‘‘පභස්සර මිදං භික්‍ඛවෙ චිත්තං…’’ කියන එකේ ස්වභාවය. ඒ ස්වභාවය තියෙන්නෙ අවිද්‍යාව තෘෂ්ණාව දුරු කළ අරිහතුන් වහන්සේටයි. එතනින් මෙහා ඉන්න අයට, පෘථජ්ජනයාට ලෝකය පිළිබඳ තම තමන්ගේ මට්ටම්වලින් විශාල බලාපොරොත්තුවකින් අවධානය   ල යොමුකරගෙන   ඉන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා.

මීට හේතුව, වටිනවයි කියන අදහසයි. වටිනවා කියන අදහසක් එන්නේ, නිච්චයි, සැපයි, අත්ථයි කියන මේ දෘෂ්ඨිය ගිලිහිලා නැති නිසා. ඒ නිසා ආස්වාදයක් සොයාගෙන, වටිනවයි කියන දෘෂ්ඨියෙන් යුක්තව, ඒවා එනකල් බලා ඉන්නවා. මේ විදිහට බලා ඉන්න නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇසුරු කරන බලාපොරොත්තුවක් හිතේ හටගන්නවා. මන ූ  ඕ කියන වචනෙන් තමයි ‘‘මනෝ’’ කියන එක හැදුනේ. ආරම්භ කරන්න තියෙන බලාපොරොත්තුවකින් ඉන්නව නම්, ඒකට කියනවා ‘‘ ඕ’’ කියලා. මැනගෙන ඒ තුළට පිවිසෙන්න, ආරම්භ වෙන්න බලාපොරොත්තු සහගත මානසිකත්වයකින් ඉන්න කොට ඒ තමයි ‘‘මනෝ’’ අවස්ථාව. මන +  ඕ අවස්ථාව – මනෝ අවස්ථාව.

මේ විදිහට මනෙන් ලෝකය අල්ල ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොට, ඒ බලාපොරොත්තුව නිසා එක්තරා ශක්තියක් නැගෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නිසයි ඒ බලාපොරොත්තුව හටගන්නේ. පෙර අහපු, පෙර දැකපු දේවල්වලට අනුව ‘‘එහෙම දෙයක් මට මතුත් දකින්න ඇත්නම්’’ වශයෙන් බලාපොරොත්තුවක් ඇති වෙනවා. පෙර ආස්වාද සහගත දේවල් බලලා, ආස්වාද සහගත දේ වටිනවා කියලා දෘෂ්ටියක් ඇතිකර ගත්තොත් තමයි වටිනා කමක් ඇති ලෙස දැනෙන්නේ. ඒ දෘෂ්ටියෙන් බලාපොරොත්තු වෙනවා ‘‘මතුත් ආස්වාද සහගත එබඳු  දේවල් බලන්න  ග ඇත්නම්..  .’’ කියන හැඟීම. මේ නිසා, මන හැම වෙලේම ‘‘ ඕං’’ කාරයෙන් යුක්ත වෙනවා.  ඒ කියන්නේ එහෙම එකක් ආවොත් අල්ල ගැනීම සඳහා ප   ආරම්භ කරපු අවස්ථාවෙන් යුක්තයි.

මේ නිසා ඒ පුද්ගලයා හැම වෙලේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා අතීතයේ අත්දැකීම්වලින් අරගෙන, එබන්දක් මතුත් ගන්න ඇත්නම් කියන මානසිකත්වයකින් ඉන්නවා. මේ අවස්ථාව නිසා, එක්තරා ශක්තියක් ගොඩනැගෙනවා.    තමා බලාපොරොත්තුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යමකින් ගොඩනගනවද, ඒ ගොඩනගන දේවල් බලාපොරොත්තුවෙන මූල මානසික ශක්තිය ගොඩනැගෙන්නේ ඒ බලාපොරොත්තුවෙන්. මේ නිසා මොකද වෙන්නේ, ලෝකයේ යම් ධර්මයක් පහළ වෙනව නම්, පහළ වෙන හැම ධර්මයකටම ඒ ශක්ති විශේෂය මුල්වෙනවා. ඒ ශක්ති විශේෂයෙන් තමයි, ආරම්භ කරල සකස් කරල  දෙන්නේ.  එතකොට බලාපොරොත්තුව දූෂ්‍ය නම්, පදුට්ඨ නම්, ඒ මානසිකත්වයත් පදුට්ඨයි, දූෂ්‍යයි. බලාපොරොත්තුව පැහැපත් නම්, සුගති නම් මානසිකත්වය පසන්නයි.

එහෙනම් පදුට්ඨ මනසකින් නම් අපි බලාපොරොත්තුව තිබ්බෙ, ඒකෙන් ගොඩනැගෙන්නේ දුක් කරදරවලට හේතුකාරක වන දේවල්. ඒව තමයි ගොඩනැගිල මුණ ගැහෙන්නේ.  බලාපොරොත්තුව පසන්න නම්, එයින් පසන්න ස්වභාවයට  අනුවයි  දෙයක් ගොඩනැගෙන්නේ. ඒක යහපත් හිතකින්, පුණ්‍ය හිතකින් කරන දෙයක්. ඒ හිතින් යමක් පහළ කරනව නම් වැඩිපුර පහළ කරන්නේ, ඉෂ්ට – ප‍්‍රිය දේවල්. අප‍්‍රසන්න නම් අනිෂ්ට – අප‍්‍රිය දේවල්. දැන් ලෝකයේ තියෙන්නේ ඉෂ්ට – ප‍්‍රිය හෝ අනිෂ්ට – අප‍්‍රිය දේවල්. අරමුණු එනකොට, එක්කො ඉෂ්ටයි ප‍්‍රියයි. එහෙම නැත්නම්, අනිෂ්ටයි අප‍්‍රියයි. ලෝක සත්ත්වයා සමහර වෙලාවට පසන්නයි. සමහර වෙලාවට දූෂ්‍යයි.   ඔය   දෙකෙන්ම බලාපොරොත්තු වෙනකොට ඔය දෙකටම ගැලපෙන ඉෂ්ට – ප‍්‍රිය සහ අනිෂ්ට අප‍්‍රිය දෙකේම මිශ‍්‍ර දෙයක්, ලෝක ධර්මතාවයෙන් හටගන්නවා. කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාකං – කළු සුදු කර්ම හා කළු සුදු විපාක කියන්නේ මේවායි.

‘‘දරන’’ අර්ථයෙන් ‘‘ධර්ම’’ කියනවා. මොනවයින්ද දරන්නේ? ආපෝ ධාතුව, ආපෝ ධාතුව හැටියට තිබුණ නම්, තේජෝ ධාතුව, තේජෝ ධාතුව හැටියට තිබුණ නම්, වායෝ ධාතුව, වායෝ ධාතුව හැටියට තිබුණ නම්, පඨවි ධාතුව පඨවි ධාතුව හැටියට තිබුණ නම් ඒවා සම්මිශ‍්‍රණයෙන් ගොඩනැගිච්ච   ලෝකයක් ගොඩනැගෙන්නෙ නෑ. ලෝකයක් දකින්න ලැබෙන්නෙ නෑ.

එහෙනම් අපි, යම් පෙර අතීත අත්දැකීම් මත යමක් භුක්ති වින්ද නම්, ඒක ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ගති හතර වෙන් වෙන්ව තියල භුක්ති විඳපු එකක් නෙවෙයි. එහෙනම් පළමුවෙන්ම දකින්න  ඕන ඔය ‘‘ධාතු’’ කියන අවස්ථාවට එන්න පෙර ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියල හිතේ ‘‘ගති’’ හතරක් පහළ වෙන බව. ආපෝ කියන්නේ බැඳෙන ලක්‍ෂණය. මොනවටද බැඳෙන්නේ? මෙතෙක් කල් අරමුණු කරපු මතක සටහන්වලින් ගත්ත දත්තයන් උඩ, එබන්දක් ඒ ආකාරයෙන් මතු හටගත්තා නම් ඒ නිෂ්පාදන ක‍්‍රියාවලිය මුල්කරගෙන ඒකෙ බැඳෙනවා. මේ තමයි ආපෝ ගති ලක්‍ෂණය. ඒක ඔප් නැංවිලා හොඳට පැහැදිලිව තෙදගැන්විලා තියෙනව නම් තමයි තේජෝ ගති ලක්‍ෂණය. ඒක තමන්ට  ඕන හැටියට එහාට මෙහාට කරන්න, පරිහරණය කරන්න පුළුවන් නම්, ගෙනියන්න පුළුවන්, තමන්ට  ඕන හැටියට මෘදු ස්වභාව ඇති, තමන්ට  ඕන ගානට තද ස්වභාව ඇති දෙයක් නම්, ඒ මෘදු ස්වභාවය, සැලෙන ස්වභාවය තමයි වායෝ ගති ලක්‍ෂණය. එතකොට තමන්ට ඒකෙ පිහිටන්න පුළුවන් මට්ටමකට, පරිභෝග කරන්න පුළුවන් මට්ටමට ගොරෝසුවට, ගැලපෙන විදියට හැදුන නම් ඒ තමයි පඨවි ස්වභාවය.

ඔන්න ඔය ගති ස්වභාව හතරක් පළමුව හිතේ හටගන්නවා. මොකක් නිසාද? වටිනවයි කියන දෘෂ්ටිය නිසා. වටිනවයි කියන දෘෂ්ටියේ, අවිද්‍යාවේ දෘෂ්ටියේ ඉන්න තාක් කල් ඔය ගති හතරකින් යුක්ත බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩනගනවා. මේ විදිහට ආපෝ ගතිය, වායෝ ගතිය, තේජෝ ගතිය, පඨවි ගතිය කියල හිතක් ගොඩනගන කොට, හිතේ ගති හතරක් මුල් වෙනවා. මේ ගති හතර මුල් වුනාම හිතෙන් ජනිත කරන්නා වූ අනුකූල රූපයක් ගොඩනගන්න හේතු වෙනවා. රූපයන්ගේ මූලය හිතෙන් ගොඩනගන මානසිකත්වය, හිතේ හටගත්ත වටිනවයි කියන නිගමනය නිසා, ඒ ගති හතරට අනුකූල වන්නා වූ දෙයක් නිෂ්පාදනය වෙනව නම් ඒක තමන්ට පරිභෝග කරන්න  ඕන කියන මානසිකත්වයත්    සමග ගොඩනැගෙනවා. එහෙනම් ආපෝ ගතිය වෙනම හිටින්න බෑ. මොකද, ආපෝ ගතිය යම් තැනකද ඒක හටගත්තෙ වටිනා දෙයක් පරිහරණය කරන්න ගන්න කොටසක් වශයෙන් තෙද ගැන්විලා, ඒකෙ එක කොටසක් වශයෙන්. ඒක එහා මෙහා කරන්න, සරන්න පුළුවන් ගතියක් ගන්නව නම්, ඒ ආස්වාද විඳීමට සකස් කරන කොටසක්. ඒක අතට අසුවෙන, ගෝචර කරගන්න පුළුවන් ගති ලක්‍ෂණයක් නම්, ඒ ආස්වාදය සඳහාම වෙන්කර ගත්ත මානසිකත්වයක්.

එහෙනම් වටිනවයි කියන අවිද්‍යාවේ මානසිකත්වය හතර ආකාරයකින් ක‍්‍රියාත්මක වෙනවා. ඔය හතර ආකාරයෙන්ම ඒක වුනොත් තමයි බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. හෙවත් ආස්වාදය සඳහා යමක් නිපදවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හිතෙන්ම නිපදවා ගත්තා වූ ගති හතර වෙන වෙනම පහළ වෙන්නෙ නැතුව, මූලික වශයෙන් ඒකීය ලක්‍ෂණ ඇති, එබඳු ඉතාම සියුම් චිත්තජ රූපයක් නිපදවෙනවා.  ඕකට කියනවා ‘‘ශුද්ධාෂ්ඨකය’’ කියා. වටිනාකමක් තියෙනවයි කිව්වොත් ඒකට තෘෂ්ණාවෙන් බැඳෙනවා. වටිනවයි කියන අවස්ථාව අවිද්‍යාවෙන් එනකොට, වටිනාකමට බැඳීම තෘෂ්ණාවෙන් වෙනවා. එහෙනම් අවිද්‍යාව යම් තැනකද, එතැන තෘෂ්ණාවත්, තෘෂ්ණාව යම් තැනකද එතැන අවිද්‍යාවත් තියෙනවා. අවිද්‍යාව නැති වුනොත්, තෘෂ්ණාවත් නැති වෙනවා. තෘෂ්ණාව නැති වුනොත් අවිද්‍යාවත් ඉවරයි.

එහෙනම් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ලෝක සත්ත්වයා මේ පැවැත්මේ ඉන්න කල්, අවිද්‍යාව නිසා හටගන්න ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන චිත්ත ගති ලක්‍ෂණ හතරක් ඒවා වර්ණවත් කරන, වර්ණනා කරන ගති ලක්‍ෂණයෙන් තෘෂ්ණාවේ ගතියක් වශයෙනුත්, ඒ වගේම ඒකෙ ගෑවි ගෑවී ඈඳිලා හිටින ගතිය ගන්ධ ගතියක් වශයෙනුත්, ඒකම ඇසුරු කරගෙන, වෙන එකකට නොගිහින්, ඒක පරිභෝග කරමින්, ඒකෙ ඈඳිලා බැඳිලා ඉන්න ගතිය රස ගතිය වශයෙනුත්, ඒව ගොඩනගාගෙන ආරම්භ කරගෙන, ඒ තුළ ජනිත වෙලා, ඒ තුළ පවත්වන ගතිය ‘‘ ඕ-ජා’’ කියන ආරම්භක වෙන ඒ තුළ ජාතිය බිහිකරගන්න ගතියක් වශයෙනුත් ලෙස වර්ණ, ගන්ධ, රස,  ඕජා කියන ගති හතරකුත් එකතුවයි හටගන්නේ.

එහෙනම් අවිද්‍යාව යම් තැනකද, ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ගති හතරත්  එතැන තියෙනවා. තෘෂ්ණාව යම් තැනකද, වර්ණ, ගන්ධ, රස,  ඕජා කියන ගති හතරත් එතන තියෙනවා. එහෙනම් අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් යුක්ත සත්ත්වයාගේ මනසේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස,  ඕජා කියන ගති අටක් හටගන්නවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න කල් ඔය ගති අටෙන් එකක් වෙන් කරන්න බෑ. ඔය අටම ඒකාන්තයෙන්ම හේතුකාරකව සම්බන්ධ ගති අටක්.

පළමුව හිතින් නිපදවපු ලෝකය අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් නිපදෙව්වා නම් ඔය ගති අටෙන් යුක්ත වෙනවා. ඒ නිසා ඉපදෙන රූපයට ඔය ගති අටක ස්වභාවයන් ආවේණික වෙනවා. ඒ හින්දා ශුද්ධාෂ්ඨකය ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස,  ඕජා කියන නාමයන්ට අනුකූල රූප ගති අටකින් යුක්ත වුනාම, ඒ ගති අටට අනුකූලව හැදිච්ච රූපය අට ආකාර රූපාකාරයන් එක්තැන් වෙලා, වෙන් කරන්න බැරි වෙන නිසා අවිනිර්භෝග රූප කලාප කියා හඳුන්වනවා. මේ ගති අටේ මූලාරම්භය තමයි ඔය ශුද්ධාෂ්ඨකයේ තියෙන්නේ. හැබැයි ශුද්ධාෂ්ඨකයකින් ඔය ටික භුක්ති විඳින්න බෑ.

ඒ සඳහා බලාපොරොත්තු වෙච්ච ඇසක්, රූපයක් හැදෙන්න  ඕන භුක්තිය ලබන්න. භුක්තිය ලබන්න බලාපොරොත්තුවෙන් කනක් හැදෙන්න  ඕන, සද්දයක් හැදෙන්න  ඕන. ඒ වගේම භුක්තිය ලබාගන්න නාසයක් හැදෙන්න  ඕන, ගන්ධයක් ලැබෙන්න  ඕන. ඒ වගේම දිවක් ලැබෙන්න  ඕන, රසයක් ලැබෙන්න  ඕන, කයක් ලැබෙන්න  ඕන, ස්පර්ශයක් ලැබෙන්න  ඕන. ඒ සඳහා මේවා ඒ සියුම් තත්ත්වයට වඩා හුඟක් ඝනීභවනය වෙන්න  ඕන. එහෙනම් මුලදීම චිත්තයෙන් නිපදවපු ශක්තිය, ඔය ආරම්භක අවස්ථාවේදී නිහඬ කරල නිශ්චල කරල කෙළවර කරන ශක්තියක් වෙන්න බෑ. ඒ ශක්තිය නිපදෙව්වේ ආස්වාදය ලබා ගන්න. ඒවා වේදනා නමැති ආස්වාද භුක්තියට ගැලපෙන තැනට අවශ්‍ය දෙයක් නිපදවන්න  ඕන. ඒ දේ නිෂ්පාදනය කරල දෙන මට්ටමට ඒ ශක්තිය මුලදිම ශුද්ධාෂ්ඨකයත් සමග ගැබ් වෙනවා. එහෙනම් ශුද්ධාෂ්ඨකයේ චිත්තජ අවස්ථාව චිත්තක්‍ෂණයක් ඉක්ම යන කොටම, ගෙවිල ගිහින් ඒ ශක්තිය ගැබ්කර ගත්ත උතුජ රූප කලාපයක් දක්වා වූ නිදහස් රූප කලාපයක් බවට පත්වෙනවා. අසුරු සැනක් ගහන මොහොතකදී කෝටි ගාණක් එබඳු පරමාණු හෙවත් ශුද්ධාෂ්ඨක නිෂ්පාදනය කර කර ලෝකයට උතුජ රූප වශයෙන් නිදහස් කර හරිනවා. මූලික චිත්ත කිරණ තමයි ඔය නිදහස් කරන්නේ.

හැබැයි මූලික චිත්ත කිරණ කිසිම යන්ත‍්‍ර සූත‍්‍රයකට ගෝචර වෙන්නෙ නෑ. අවිෂය රූපයක් විෂය කරන්න බෑ. හිතේ මූලික රූප කලාප ගෝචර කරන්න උපකරණයක් නෑ. හැබැයි ඒ ගෝචර මූලික රූප කලාප එතන ඒ විදියට පවතින්නෙ නෑ. අවශ්‍ය දේ අත්කර දෙන්න ඒකෙන් ඊට වඩා දෙයක් නිර්මාණය කරනවා. ඒ නිසා ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන ගති හතරේ ආරම්භකම රූප වන ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූතරූප හතරකින් යුක්ත වෙනවා. වර්ණ, ගන්ධ, රස,  ඕජා කියන ඒකක ඒ නිසා උපදින රූප හතරකින් යුක්තයි. මේ තමයි ශුද්ධාෂ්ඨකයේ තියෙන රූපයේ ආරම්භය. මේ න්‍යායට අනුකූලව කොටස්  අටක්  සමග බැඳී ගොඩනැගෙන බලය න්‍ය + අෂ්ටික – බලය හෙවත් න්‍යෂ්ටික බලයයි.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :
ඩබ්. ඒ. තිළිණවතී
(විශ‍්‍රාමික මහජන බැංකු නිලධාරිනී)
කඩවත

ධර්ම දානය උතුම්ම දානයයි. අනෙක් අය සමග බෙදා ගනිමු.

3 thoughts on “සතර මහා භූතයන්ගේ සංකලනයෙන් ආස්වාදයට පාර හැදෙන හැටි

  1. m.k.alagoda

    ගිලාන  සුත්‍රය  පැහැදිලි  කරදෙන  මෙන්  ඉතාමත්   ගෞරවයෙන්  ඉල්ලාසිටිමි . ඉස්තුති 

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *